ප්‍රමුඛ පුවත 1

සැමියාගේ ඇසිඩ් ප්‍රහාරයෙන් බිරිදට ජිවිතක්ෂයට.

(UTV| කොළඹ) – කඹුරුපිටිය රත්කැකුලාව ප්‍රදේශයේ සැමියා විසින් එල්ල කල ඇසිඞ් ප්‍රහාරයකින් කාන්තාවක් මියගොස් තිබෙනවා.

පොලිසිය පවසන්නේ ඇසිඞ් ප්‍රහාරයෙන් තුවාල ලැබු ඇගේ දියණිය කඹුරුපිටිය ආඳපාන රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.

ඔහු ඊයේ රාත්‍රී 10.30 ට පමණ අදාල කාන්තාව සහ දියණිය ජීවත් වූ නිවසට පැමිණ මෙම ඇසිඞ් ප්‍රහාරය එල්ල කර තිබේ.

39 හැවිරිදි මෙම කාන්තාව මාස 05 ක පමණ කාලයක සිට ඇගේ සැමියාගෙන් වෙන්ව සිටින බව සඳහන් වේ.

ඇසිඞ් ප්‍රහාරයෙන් තුවාල ලැබූ දෙදෙනා කඹුරුපිටිය ආදපාන රෝහලට ඇතුලත් කෙරුණුත් කාන්තාවගේ තත්වය බරපතල නිසා  ඇය මාතර මහ රෝහලට මාරු කර ඇත.

එහිදී කාන්තාව මියගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කඹුරුපිටිය පොලිසිය වැඩිදුර විමර්ශණ මෙහෙයවනවා.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පානදුරේ වෙළඳ සැල් පෙළක ගින්නක්

Mohamed Dilsad

බිම් කොටස් ලක්ෂ 36ක මැණුම් කටයුතු මේ වසර තුළ අවසන් කිරීමට සැලසුම්

Mohamed Dilsad

ජනබල මෙහෙයුම අසාර්ථකයි – එජාපය කියයි

Mohamed Dilsad

Leave a Comment