ප්‍රමුඛ පුවත 1

රියූනියන් දූපතට සංක්‍රමණය වූ 60ක් යළි පැමිණෙයි

ධීවර යාත්‍රාවක් මගින් නීතිවිරෝධි ලෙස ප්‍රංශයට අයත් රියූනියන් දූපතට සංක්‍රමණය වූ බවට වාර්තා වූ පිරිසෙන් 60 දෙනෙකු යළි දිවයිනට පැමිණෙයි.

අද පස්වරුවේ ඔවුන් ප්‍රංශයට අයත් විශේෂ ගුවන් යානයකින් දිවයිනට පැමිණ තිබේ.

පසුගිය ජනවාරි 24 වනදා පුද්ගලයින් 72 දෙනෙකු හලාවත සිට බහුදින යාත්‍රාවක් යොදා ගෙන රියූනියන් දුපත බලා පිටත්ව ගොස් තිබුණි.

ඒ අතර පිරිමි පුද්ගලයින් 52 දෙදෙනෙකු, කාන්තාවන් 3 දෙනෙකු සහ කුඩා ළමයින් 5 දෙනෙකු සිටින බව අප ගුවන්තොටුපල වාර්තාකරු පැවසීය.

එම පිරිසගෙන් ආගමන විගමන නිලධාරින් විසින් ප්‍රකාශ ලබා ගෙන තිබේ.

පසුව ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඉදිරි දින දෙක තුල වැසි වර්ධනයක්..

Mohamed Dilsad

පොලිස් වසම් කිහිපයක් හුදකලා බවින් මුදා හරී

Mohamed Dilsad

උත්තර දේවි ගමනට ජනපතිත් එක්වෙයි..

Mohamed Dilsad

Leave a Comment