විදෙස්

ඇෆ්ගනිස්ථානයේ බෝම්බ පිපිරීම්වලින් 48 දෙනෙක් මරුට

ඇෆ්ගනිස්ථානයේ ස්ථාන කිහිපයක සිදුවූ බෝම්බ පිපිරීම්වලින් පුද්ගලයෝ 48 දෙනෙක් මිය යති.
90කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.
එක් බෝම්බ පිපිරීමක් කාබුල් නගරාධිපතිවරයා රැදී සිටි තානායමක සිදුව තිබේ.
ඉන් පුද්ගලයන් 11 දෙනෙකු මිය ගොස්, 14 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා වල දැක්වේ.

මේ අතර ඇෆ්ගන් පාර්ලිමේන්තුව අසළ ද බෝම්බ පිපිරීමක් සිදුව ඇති අතර, ඉන් 30 දෙනෙක් මිය ගියහ.
එම පිපිරීමෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 80කි.

එසේම හෙල්මන්ඞ් ප්‍රදේශයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ පිපිරීමකින් 7 දෙනෙකු මිය ගොස් තිබේ.

Related posts

හැගිබිස් සුළි කුණාටුවෙන් ජපන් ගුවන් ගමන් ප්‍රමාදයි

Mohamed Dilsad

ලැව්ගිනි ජීවිත 36ක් බිලිගනී

Mohamed Dilsad

පෑනකින් කොරෝනා වෛරසය ආසාදනය වෙයි

Mohamed Dilsad

Leave a Comment