ප්‍රමුඛ පුවත 1

මන්ත්‍රී චමින්ද විජේසිරි ඇප මත නිදහස්

(UTV|දියතලාව) –  එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මහතා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත නිදහස් කර තිබේ.

රුපියල් ලක්‍ෂ 5ක ශරීර ඇප මත ඔහු නිදහස් කෙරුණු බව අප වාර්තාකරු පැවසීය.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් හා පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා , ඔහුගේ ආරක්ෂක නිලධාරීයා සහ රියදුරු අතර ගැටුමක් ඇතිවූයේ පසුගිය ඉරිදාය.

එහිදී තුවාල ලැබූ මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් කොස්තාපල්වරයකු බණ්ඩාරවෙල රෝහලට ඇතුළත් කෙරිණ.

තමාට ද පහරදීමක් සිදු වූ බව පවසමින් චමින්ද විජේසිරි මහතාගේ රියදුරු ද දියතලාව රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා අත්අඩංගුවට ගත්තේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ළමා ආරක්ෂක අධිකාරිය මුදල් ඉපයීමට දරුවන් යොදාගැනීම පිළිබඳ සොයා බලයි

Mohamed Dilsad

සීමාවකින් තොරව වී මිලදී ගන්නැයි ඇමතිගෙන් උපදෙස්

Mohamed Dilsad

පොට්ට නවුෆර් රෝහල් ගත කෙරේ

Mohamed Dilsad

Leave a Comment