ප්‍රමුඛ පුවත 1

සීනි වල පාලන මිල ඉවත් කිරීම පිළිබඳව අවධානය

(උදයම්,කොළඹ) – ආනයනික සුදූ සීනි සඳහා පනවා ඇති පාලන මිල ඉවත් කිරීම පිළිබඳව අවධානය යොමුව ඇති බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි.

ලෝක වෙළෙඳපළේ සුදු සීනි මිල ගණන් ඉහළ යාම මීට හේතුව බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පෙන්වා දෙයි.

පසුගියදා  සුදු සීනි කිලෝග්රෑයමයක් සඳහා රුපියල් 93ක පාලන මිලක් පනවමින් රජය විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරනු ලැබීය.නමුත් මේ වන විටත් මෙරට වෙළෙඳපළ තුළ පාලන මිලට වැඩියෙන් සීනි අලෙවි කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ  අධිකාරියට පැමිණිළි තිබේ.

කෙසේ වෙතත් ඉදිරියේ දී සීනී ආනයනය සීමා කිරීමට කටයුතු කළහොත් දිවයින තුළ සීනි හිඟයක් ඇති වීමේ අවදානමක් පවති.ඒ නිසා ආනයනිකයින් ආරක්ෂා වන පරිදි රජය විසින් නියම කළ පාලන මිල ඉවත් කිරීම සඳහා මේ වන විටත් අවධානය යොමුවී ඇති බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සඳහන් කරයි.

Related posts

පසුගියදා සිදුවූ පිපිරීම් වලින් මිය ගිය සංඛ්‍යාව 253 දක්වා අඩුවෙයි

Mohamed Dilsad

ජනපති සහ විදෙස් තානාපතිවරුන් අතර හමුවක්

Mohamed Dilsad

සජිත් ගෝඨාභයට ලිඛිතවම අභියෝග කරයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment