ප්‍රමුඛ පුවත 1

රාජ්‍ය මාධ්‍ය ආයතන ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කිරීමට කමීටුවක්..

(UTV| කොළඹ) – රාජ්‍ය මාධ්‍ය ආයතන සැබෑ මහජන සේවා මාධ්‍ය බවට පත් කිරීමේ අරමුණින් ඒවායේ ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පියවර ගෙන ඇතැයි එම අමාත්‍යාංශය නිවේදනයකින් නිකුත් කරමීන් පවසයි.

යුනෙස්කෝ ආයතනයේ සන්නිවේදන සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර වැඩසටහනේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ විජයානන්ද ජයවීර මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවේ කමිටු සාමාජිකයන් ලෙස මහාචාර්ය ජයදේව උයන්ගොඩ, කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය – ජනමාධ්‍ය ප්‍රතිසංස්කරණ සඳහා වන ජාතික ලේකම් කාර්යාලයේ සභාපති ආචාර්ය ප්‍රදීප් වීරසිංහ, සන්නිවේදන උපදේශක නාලක ගුණවර්ධන, රංගන ශිල්පිනී – ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්ය කෞශල්‍යා ප්‍රනාන්දු, වාර්තා චිත්‍රපට අධ්‍යක්ෂිකා අනෝමා රාජකරැණා, නීතිඥ සුධර්ශන ගුණවර්ධන යන මහත්ම මහත්මීහු පත්ව සිටිති.

මෙහිදී විශේෂයෙන්ම මාධ්‍ය භාවිතය සහ ඒවායේ ස්වාධීනත්වය පිළිබඳව සැලකීමේදී පෞද්ගලික මාධ්‍ය සම්බන්ධයෙන් කටයුතු කිරීමට පෙර, රාජ්‍ය මාධ්‍ය ස්වාධීන සැබෑ මහජන සේවා මාධ්‍ය ආයතන බවට පත්විය යුතුය යන්න මාධ්‍ය ප්‍රවීණයන්ගේ අදහස වී ඇති බවත් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තවත් දුම්රිය සේවකයින් පිරිසක් වර්ජනයේ

Mohamed Dilsad

මේ වසරේ ඩෙංගු රෝගීන් 4900ක්

Mohamed Dilsad

පරාජයට යළි ඉඩ නොතැබිය යුතුයි – අනුර කුමාර [VIDEO]

Mohamed Dilsad

Leave a Comment