ක්‍රීඩා

මේ වසර ක්‍රිකට් ක්‍රීඩාව යහපත් අතට හැරවිය හැකි වසරක් – ඇමති අර්ජුන කියයි

(UTV|ගම්පහ) – ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය ජයග්‍රහණය කිරිමෙන් පසු ක්‍රිකට් ක්‍රිඩාව ගොඩගන්නා බව  අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

ගම්පහ ප්‍රදේශයේ පැවති උත්සවයකින් පසු මාධ්‍යට අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

ඔහු පෙන්වා දෙන්නේ වර්තමානයේ ක්‍රිකට් ක්‍රීඩාව පත්ව ඇති තත්වය පිළිබද ජනාධිපතිවරයාගේ අවධානය යොමු වීම පිළිබද සතුටුවන බවයි.

තමන් කණ්ඩායමේ නායකත්වය දරන කාලය තුල ක්‍රීඩකයින් මෙහෙයවූ අකාරය සහ දැන් ක්‍රීඩකයින් මෙහෙය වන ආකාරය හාත්පසින්ම වෙනස් බවත්,ඊට ක්‍රීඩකයින්ට පමණක් දොස් නැගිය නොහැකි බව අමාත්‍යවරයා පැවසීය.

මෙම ක්‍රිකට් ක්‍රීඩාව කඩා වැටුනේ දයාසිරි ජයසේකර සහ ෆයිසර් මුස්තාෆා යන අමාත්‍යවරු ක්‍රීඩා ඇමතිවරු ලෙස සිටි කාලයේ බවත්,දැන් පත්වී සිටින හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා ක්‍රිකට් ක්‍රීඩාව ගොඩ ගැනීමට දැඩි වෙහෙසක් ගන්නා බවත් අර්ජුන අමත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව මේ වසර ක්‍රිකට් ක්‍රීඩාව යහපත් අතට හැරවිය හැකි වසරක් බවද අමාත්‍යවරයා පැවසීය.

 

Related posts

දෙවැනි තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

රාහුල් ඩ්‍රාවිඩ් ඉන්දීය ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ධුරයට

Mohamed Dilsad

මෙවර IPL සමාරම්භක තරඟය වාර්තා පොත් අතරට

Mohamed Dilsad

Leave a Comment