ක්‍රීඩා

දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයේ වෙනසක්…

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම මේ දිනවල පෙන්වන දුර්වල ක්‍රීඩා රටාව හේතුවෙන් ටෙස්ට් නායකත්වයේ වෙනසක් බොහෝ දුරට සිදුවනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ආරංචි මාර්ග පවසයි.

නිමාවූ නවසීලන්ත සංචාරයේදී සහ ඕස්ට්‍රේලියානු සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පෙන්වූ දුර්වල ක්‍රීඩා විලාශය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇතැයි පැවැසෙන අතර අදාළ වෙනස් කිරීම එළැඹෙන දකුණු අප්‍රිකානු සංචාරයට පෙර සිදුවනු ඇතැයිද දැනගන්නට තිබේ.

එසේම මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද (05) පැවැත්වෙන බව ඒ අනුව දිනේෂ් චන්දිමාල්ගේ ටෙස්ට් නායකත්වය දැනට ටෙස්ට් උප නායකත්වය හොබවන දිමුත් කරුණාරත්න හට පැවැරෙනු ඇතැයිද පැවැසේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇෆ්ගනිස්ථාන ක්‍රිඩක මොහොමඩ් ශේෂාර්ඩ්ට තරඟ තහනමක්

Mohamed Dilsad

ඊයේ ජය මුම්බායි පිළට

Mohamed Dilsad

ආසියානු ක්‍රීඩා උළෙලේ චීනය රජ වෙද්දී ශ්‍රී ලංකාව බිංදුවටම වැටෙයි

Mohamed Dilsad

Leave a Comment