ප්‍රමුඛ පුවත 1

කොලොම්බියා පොලිස් විද්‍යා පීඨයට එල්ල වූ ප්‍රහාරය ශ්‍රී ලංකා රජය හෙළ දකී.

(UTV| කොළඹ) – (ELN) සංවිධානය විසින් එල්ල කරනු ලැබූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් මියගිය අයගේ පවුල්වලට ශ්‍රී ලංකා රජය බලවත් ශෝකය ප්‍රකාශ කරයි.

ඊයේ (31) විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් සිය ශෝකය පළකර තිබේ.

2019 ජනවාරි මස 17 වැනි දින කොලොම්බියාවේ බොගොටා නුවර පොලිස් විද්‍යා පීඨයට ඊඑල්එන් (ELN) සංවිධානය විසින් ප්‍රහාරයක් එල්ල කර ඇති අතර මෙය ශ්‍රී ලංකා රජය තරයේ හෙළා දකින බව එම අමාත්‍යාංශය පවසයි

ශ්‍රී ලංකා රජය කොලොම්බියානු රජයට සිය සහයෝගීතාව පළ කරන අතරම, ත්‍රස්තවාදී උවදුරෙහි සියලු ස්වරූපවලට එරෙහිව ප්‍රබල ලෙස සටන් කිරීමට අත්වැල් බැඳගන්නා ලෙස ජාත්‍යන්තර ප්‍රජාවගෙන් උදක්ම ඉල්ලා සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මහින්දානන්ද අලුත්ගමගේ FCID යට

Mohamed Dilsad

ගෝඨාභය රාජපක්ෂ අද CID හමුවට

Mohamed Dilsad

තවත් විශ්වාසභංගයක්

Mohamed Dilsad

Leave a Comment