ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව 2018 දී ලාබ ලබයි.

(UTV| කොළඹ) – රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව 2018 මුදල් වර්ෂයේදී රුපියල් මිලියන 61.43ක් හෙවත් ශුද්ධ ලාබයක් ලබා ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසයි.

එය 2017 මුදල් වර්ෂයට සාපේක්ෂව සියයට 19.3%ක වර්ධනයක වන අතර 2017 මූල්‍ය වර්ෂයේදී රුපියල් මිලියන 51.5ක ලාබයක් ලබාගෙන තිබේ.

කර්මාන්ත හා වාණිජ කටයුතු දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ උපදෙස් සහ මග පෙන්වීම යටතේ රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව ගතවූ වසර කිහිපය තුළ අඛණ්ඩ ප්‍රගතියක් අත්කර ගැනීමට සමත්ව ඇති බව එම අමාත්‍යංශය පෙන්වා දෙයි .

සංස්ථාවේ සමස්ත ආදායම 2018 මුදල් වසරේදී රුපියල් මිලියන 4334.1 ක් වන අතර එය පෙර වසරට සාපේක්ෂව සියයට 15.6%ක වර්ධනයක් ඇත.

විකුණුම් පිරිවැය රුපියල් මිලියන 3545.6කි. ආයතනයේ පරිපාලන වියදම රුපියල් මිලියන 495.4කි. 2018 මූල්‍ය වර්ෂයේදී බදු ලෙස රජයට ගෙවා ඇති මුදල රුපියල් මිලියන 20.8කි.

 

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මැතිවරණ මහලේකම් කාර්යාලය මඟින් නිරීක්ෂණ කණ්ඩායමක්

Mohamed Dilsad

සංචාරක බද්ධ ගෙවීමට ලබා දුන් සහන කාලය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

නාමල්ගෙන් තවත් හෙළිදරව්වක් – සිංහලේ ජාතික සංවිධානය රහස් පොලීසියට

Mohamed Dilsad

Leave a Comment