ප්‍රමුඛ පුවත 1

කේරල ගංජා තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවේ

(UTV|පේදුරුතුඩුව) – නාවික හමුදා බුද්ධි ‍තොරතුරකට අනුව පේදුරුතුඩුව පොලිසියට අනුයුක්ත නිලධාරින් පිරිසක් විසින් ඊයේ(28) පේදුරුතුඩුව, ඉම්බාසිද්ධි ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 86 යි ග්‍රෑම් 400 සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනේ.

මෙම ගංජා තොගය පේදුරුතුඩුව, වියපරමුල්ලෛයි ප්‍රදේශයේ නිවසක වහලක් තුළ සඟවා තිබියදි නාවික හමුදාව විසින් සොයා ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයා 50 වන වියෙහි පසුවන පුද්ගලයෙකු බව හඳුනා ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගය සහ පුද්ගලයා සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ පේදුරුතුඩුව පොලිසිය විසින් සිදු කරනු ලබයි.

එමෙන්ම, මෙම පසුගිය සති තුනක කාලය තුළ පමණක් නාවික හමුදා මෙහෙයුම් මඟින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 509 කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇති අතර, මෙවැනි මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්විමට නාවික හමුදාව දැඩි අවධානයෙන් කටයුතු කරන බව අවධාරණය කෙරේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සයිටම් සිසුන් 40ක් අද කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයට

Mohamed Dilsad

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ රැළිය කාත්තන්කුඩිහිදී

Mohamed Dilsad

අලි රොෂාන් ඇතුලූ 08 දෙනා ඇප මත මුදාහරියි

Mohamed Dilsad

Leave a Comment