ප්‍රමුඛ පුවත 1

මත්ද්‍රව්‍ය ජාවරකරුවන්ට මරණ දඬුවම දෙන්නැයි ජනපති යළිත් ඉල්ලයි

(UTV| කොළඹ) – මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම දිය යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා යළිත් ඉල්ලීමක් කළේය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ “මතින් නිදහස් රටක් සංකල්පය” සාර්ථක කරගැනීම සඳහා දිවිහිමියෙන් කැපවූ පොලිස් නිලධාරීන් ඇගයීම වෙනුවෙන් මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකාය සංවිධාන කළ ජනාධිපති ප්‍රශංසා සම්මාන උළෙල අද පෙරවරුවේ පැවැත්වුණේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදීයි.

සඳහා එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සදහන් කළේය.

පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත මත්ද්‍රව්‍ය මැඩලීම වෙනුවෙන් පොලිස් නිලධාරීන් ජනාධිපති සම්මාන පිරිනැමූ මෙරට ප්‍රථම අවස්ථාව මෙයයි.

මෙහිදී  පොලිස් නිලධාරීන් 1034කට සම්මාන පිරිනමන ලදී.

ජනාධිපති පොලිස් වීරතා පදක්කම නිලධාරීන් 15 දෙනෙකුටත්,ජනාධිපති පොලිස් දක්ෂතා පදක්කම නිලධාරීන් 59 දෙනෙකු වෙතත්,සෙසු පිරිස වෙත ජනාධිපති ප්‍රශංසා සහතික පත් ප්‍රදානයත් සිදුකෙරුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

හඳුනා ගත නොහැකි හැදුනුම්පත් සඳහා මැතිවරණයට තාවකාලික හැදුනුම්පත්

Mohamed Dilsad

කළුතර ප්‍රදේශ රැසකට හෙට ජල කප්පාදුවක්.

Mohamed Dilsad

රුපියල් මිලියන 193ක දුම්වැටි තොගයක් ඔරුගොඩවත්ත රේගු අංගණයෙන් සොයා ගනී

Mohamed Dilsad

Leave a Comment