ප්‍රමුඛ පුවත 1

‘ආමි නාලක’ අත්අඩංගුවට

(UTV| කොළඹ) – ආමි නාලක නමැති සංවිධානාත්මක අපරාධකරුවෙකු පෑලියගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනේ.

ඔහු පුද්ගල ඝාතන සහ කොල්ලකෑම් කිහිපයකට අවශ්‍ය කර සිටි පුද්ගලයෙකු බව පොලිසිය කියයි.

පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කළ මෙහෙයුමකදී මෙම සැකකරු සමග බිරිඳ ද අත්අඩංගුවට  ගෙන ඇත.

ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 5 යි මිලිග්‍රෑම් 220 ක් සොයා ගැනුණි.

පසුගියදා ගිනි අවියකින් වෙඩි තබා ජා-ඇළ ප්‍රදේශයේ රන් භාණ්ඩ අලෙවි සැලක් කොල්ලකෑම සහ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණ භූමිය ඉදිරිපිටදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීම යන චෝදනා මොහුට එරෙහිව ඇති චෝදනාවේ.

ඊට ආධාර අනුබල දීමේ චෝදනා මත ඔහුගේ බිරිඳද අත්අඩංගුවට ගෙන ඇත.

හැඳල ප්‍රීතිපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන සැකකරුවන් අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මාකඳුරේ මධූෂ්ගෙන් තවදුරටත් ප්‍රශ්න කෙරේ

Mohamed Dilsad

නේවි සම්පත් ඇතුළු පිරිස ලබන යළි රිමාන්ඩ්…

Mohamed Dilsad

ලංවීම සේවකයින් අදත් අකුරට වැඩ

Mohamed Dilsad

Leave a Comment