ව්‍යාපාරික

හම්බන්තොට වරායට පැමිණි නැව.

(UTV| කොළඹ) – සිමෙන්ති නිෂ්පාදනයේදී යොදා ගන්නා ද්‍රව්‍යයක් වන ලෝබොර මෙටි‍්‍රක් ටොන් 27,000 ක් රැගත්  ‘ඉතාකා පේෂන්ස්’ නම් නෞකාවක් ප්‍රථම වරට හම්බන්තොට ජාත්‍යන්තර වරායේ නැංගුරම් ලා ඇත.

මෙයට පෙර ලෝ බොර, කුඩා යාත්‍රා මඟින් ගාලු වරායට ගෙන ඒම සිදු කෙරුණු අතර , මෙවැනි විශාල තොග නෞකාවන් හැසිරවීමට, ගාලු වරායේ ඉපිළුම් ගැඹුර ප්‍රමාණවත් නොවන හෙයින්, හම්බන්තොට ජාත්‍යන්තර වරාය විසින් මෙම භාණ්ඩ ගොඩ බෑම සාර්ථකව නිමා කල බව  හම්බන්තොට ඉන්ටර්නැෂනල් පොර්ට් ගෲප් (HIPG) සමාගම පවසා සිටී.

බහාලුම් හැසිරවීම, සාමාන්‍ය භාණ්ඩ හැසිරවීම, මගී හා තෙල් සේවාවන්, තොග පර්යන්ත, ගෑස් සහ ව්‍යාපෘති භාණ්ඩ හැසිරවීම යන සේවාවන් හම්බන්තොට වරාය මගින් මේ වනවිට සිදුකරනු ලබයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මේ වසරේ පළමු මාස 03ට අලුත් වාහන 37,000ක් ලියාපදිංචි කරලා.

Editor O

වේවැල් කර්මාන්තයේ නියැලෙන්නන් දැඩි ගැටළුවක

Mohamed Dilsad

ඉදිරි සති දෙක තුළදී වැලි සඳහා නිශ්චිත මිලක් [RELEASE]

Mohamed Dilsad

Leave a Comment