ප්‍රමුඛ පුවත 1

ඩෙංගු මදුරුවා යළි හිස ඔසවයි…

(UTV| කොළඹ) – ඩෙංගු රෝගීන් වාර්තා වීමේ කාලීන ඉහළ යාමක් පෙන්නුම් කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කරයි.

පවතින කාලගුණික තත්ත්වයත් සමඟ ඩෙංගු මදුරුවාගේ ඉහළ යාම වර්ධනය වී ඇති අතර , උතුරු පළාතේ පැවැති ගංවතුර පහව යාමත් සමඟ මදුරුවන් බෝවිය හැකි ජලය රැඳුනු ස්ථාන පරිසරයේ ඉතා සුලභව පවතින බැවින් මදුරුවන් බෝවීමේ අවදානම ද ඉහළ ගොස් ඇත.

මේ හේතුවෙන් ඩෙංගු මැඩලීමේ විශේෂ ක්ෂේත්‍ර වැඩසටහනක් ජනවාරි 10 -11 දිනයන්හිදී බස්නාහිර පළාත, යාපනය හා කිලිනොච්චි දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කරන ලදී.

එහිදී නිවාස, පාසල්, වැඩබිම්, ආයතන, කර්මාන්තශාලා, ආගමික ස්ථාන, පොදු ස්ථාන ඇතුළු සමස්ථ පරිශ්‍ර 56,712ක් නිරීක්‍ෂණය කර ඇත.

ඉන් මදුරුවන් බෝවීමට හැකියාව ඇති අවධානම් ස්ථාන  13,060ක් සොයාගෙන තිබේ.

පරිශ්‍ර 881 ක මදුරු කීටයන් සහිත ස්ථාන ද හමුවී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වෛද්‍ය මොහොමඞ් සාෆිට එරෙහි නඩුව අද විභාගයට

Mohamed Dilsad

පැය 11ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

සජිත්ගේ ඉදිරි ප්‍රචාරන වැඩ පිළිවෙල [AUDIO]

Mohamed Dilsad

Leave a Comment