ප්‍රමුඛ පුවත 1

ජාතික මත් ද්‍රව්‍ය නිවාරණ පාසැල් සතිය අද සිට

(UTV| කොළඹ) – ජාතික මත් ද්‍රව්‍ය නිවාරණ පාසල් සතිය අද(21) සිට පාසැල් වල ක්‍රියාත්මක කෙරේ.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් උතුරු පළාතෙන් එම කටයුතු අද ආරම්භ කිරීමට නියමිතය.

ජනාධිපතිවරයා විසින් ගෙන යන මත්ද්‍රව්‍ය උවදුර පාලනය හා මර්දනය සඳහා වන වැඩපිළිවෙලේ විශේෂ අදියරක් ලෙස මෙම මත්ද්‍රව්‍ය නිවාරණ සතිය නම් කර තිබේ.

මෙහිදී පාසල් දරුවන් මෙම ක්‍රියාවලිය සඳහා සක්‍රිය ලෙස දායක කර ගැනීම මෙම ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ ප්‍රධාන ලක්ෂණයක් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඒ අනුව සමාරම්භක උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 9.00ට මුලතිව් මුල්ලියාවලෛ විද්‍යානන්දන් මහා විදුහලේ පැවැත්වීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොරෝනා ආසාදිතයින් ගණන ඉහළට

Mohamed Dilsad

කිතුල් වගාව ව්‍යාප්ත කිරීමට වැඩපිළිවෙලක්

Mohamed Dilsad

පස්වරුවේ ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

Leave a Comment