ප්‍රමුඛ පුවත 1

අද සිට කාලගුණයේ වෙනසක්

(UTV| කොළඹ) – ඉදිරි දින කිහිපයේදී,දිවයිනේ බොහෝ ප්‍රදේශවලතරමක ශීත උදෑසන සහ රාත්‍රී කාලයන් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇතිවීමේ හැකියාවක් පවතී.

දිවයින පුරා සහ දිවයින වටා වනමුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතිනු ඇත.

දිවයින වටා වනමුහුදු ප්‍රදේශවල සුළං ඊසානදිශාවෙන් හමන අතර සුළගේ වේගය පැ.කී.මී. 30-40 පමණ වේ.

මන්නාරම සිට පුත්තලම සහ කොළඹ හරහා දොඩන්දුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සහ මාතර සිටහම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50-55 පමණ දක්වා වැඩි විය හැකි අතර එම මුහුදු ප්‍රදේශවිටින් විට රළු විය හැක.

ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිලිබදව අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ අංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හෙට කොළඹ ප්‍රදේශ කිහිපයකට ජලය අත්හිටුවයි

Mohamed Dilsad

කතානායකවරයා දිනේෂ්ට යැවු ලිපිය

Mohamed Dilsad

ඉන්ධන මිල පහළ යාමත් සමඟ බස් ගාස්තු අඩු වෙයිද?

Mohamed Dilsad

Leave a Comment