ප්‍රමුඛ පුවත 1

කාබන් බද්දට රජයේ සියලුම වාහනත් යටත් වෙයි…

(UTV| කොළඹ) – 2019 වසරේ ජනවාරියේ සිට සියලුම වාහන සඳහා ක්‍රියාත්මක වන කාබන් බද්දට රජයේ වාහනද යටත් බවත් , මෙම බද්දෙන් නිදහස් කර ඇත්තේ විදුලි බලයෙන් ක්‍රියාත්මක වාහන පමණක් බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.

අදාළ බද්ද ස්ථාපිත කර ඇත්තේ 2018 අංක 35 දරන මුදල් පනත යටතේයි.

ඒ අනුව සෑම මෝටර් රථයක්ම ලියාපදිංචි කරනු ලබන පළමු වර්ෂයේදී හැර වාර්ෂිකව ආදායම් බලපත්‍රය අලුත් කරනු ලබන අවස්ථාවේදී මෙම බද්ද අය කිරීමට නියමිතය.

එහිදී වාහනයක එන්ජින් ධාරිතාවය පදනම් කරගෙන ඝන සෙන්ටිමීටරයක් සඳහා කාණ්ඩ තුනක් යටතේ වාර්ෂිකව මෙම බද්ද අය කෙරෙනු ඇත.

මෙම කාණ්ඩ වෙන් කර ඇත්තේ වසර 05 ට අඩු , වසර 5-10 ත් අතර සහ වසර 10 ට වැඩි ලෙසටයි.

මෙහිදී කාබන් ඝන සෙන්ටිමීටරයක් සඳහා මෙම බදු මුදල් අය කෙරේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අගමැති ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයට ධුරයේ කටයුතු තාවකාලිකව වලක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

Mohamed Dilsad

මදුෂ්,අමල්,නදිමාල් ඇතුළු පිරිස තවත් මාසයක් රිමාන්ඩ් ගත කෙරේ

Mohamed Dilsad

රජරට රැජිණේ ගැටුණු තවත් අහිංසකයෙක්

Mohamed Dilsad

Leave a Comment