ප්‍රමුඛ පුවත 1

ව්‍යාපාරිකයෙකු පැහැරගෙන යමින් සිටි තිදෙනෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – අහංගම නගරයේ ව්‍යාපාර කටයුතුවල යෙදුණු පුද්ගලයෙකු පැහැරගෙන යමින් සිටි සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

සැකකරුවන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව පොලිස් මුරපොලෙහි නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ (15) අත්අඩංගුවට ගත් මොවුන් අහංගම පොලීසියට භාරදී තිබේ.

මෙම ව්‍යාපාරිකයා සහ සැකකරුවන් හංවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට පරික්ෂණවලදී අනාවරණ වී ඇත.

එම සැකකරුවන්න්ගෙන් මෙම ව්‍යාපාරිකයා ණය මුදලක් ලබාගෙන ඇති අතර එය ගෙවීම පැහැර හැර ඇති බව සැකකරුවන් පොලීසියට පවසා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

එම ණය මුදල ගෙවීම පැහැර හැරි මෙම ව්‍යාපාරිකයා ප්‍රදේශයෙන් පලාගොස් අහංගම ප්‍රදේශයේ වෙළඳසැලක් පවත්වාගෙන ගොස් තිබේ.

ණය මුදල ලබා නොදී ප්‍රදේශයෙන් පලායාම හේතු කොටගෙන මෙම පැහැරගැනීම සිදුකර ඇති බවට සැකකරුවන් පවසා ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් ණය මුදල් ලබා නොදීම සම්බන්ධයෙන් අහංගම පොලීසියට මීට පෙර පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විදේශ විනිමය මත පනවා තිබූ බද්ද ඉවතට

Mohamed Dilsad

පොලීසියේ නිවාඩු අවලංගුයි

Mohamed Dilsad

අමාත්‍ය මණ්ඩලය රැස්වේ

Mohamed Dilsad

Leave a Comment