ප්‍රමුඛ පුවත 1

පළාත් කීපයකටම තද වැසි.

(UTV| කොළඹ) – නැගෙනහිර, උතුරු-මැද, මධ්‍යම සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන  බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඔවුන් වැඩි දුරටත් පවසන්නේ උතුරු පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිහින් වැසි වාර කිහිපයක් ඇතිවන බවයි.

සෙසු පළාත්වල තැනින් තැන සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර බස්නාහිර පළාතේ ඇතැම් ප්‍රදේශවල වලට උදය කාලයේදී ද වැසි ඇති විය හැක.

ඇතැම් ස්ථානවලට විශේෂයෙන් සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, මඩකලපුව, අම්පාර, පොලොන්නරුව සහ කළුතර දිස්ත්‍රික්කවලත් මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැක.

වයඹ පළාතේත් ගම්පහ දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 40 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැක බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරත් පවසයි .

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නිදහස් පක්ෂයේ අනාගතය පිලිබඳ සිතා බුද්ධිමත් තීරණයක් ගත යුතුයි [VIDEO]

Mohamed Dilsad

අපේක්ෂක සංඛ්‍යාව වැඩිවීම වැළැක්වීම සඳහා කෙටුම්පතක්

Mohamed Dilsad

පාදෙණියට එරෙහි නඩුව නව විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනේ

Mohamed Dilsad

Leave a Comment