විදෙස්

ඇමසෝන් හමුවේ මයික්‍රොසොෆ්ට් දෙවැනි තැනට පසුබසී…

 

(UTV| ඇමරිකාව) – ලොව ප්‍රමුඛ පෙළේ ආයතනයක් වන මයික්‍රොසොෆ්ට් අභිභවමින් ලොව වඩාත් වටිනාම ලැයිස්තුගත සමාගම බවට ඇමසෝන් සමාගම පත්ව ඇත.

ඇමෙරිකානු කොටස් වෙළෙඳ පොළ විසින් පෙරේදා (07) දිනයේදී සදහන්කළ දත්ත වලට අනුව ඇමසෝන් සමාගමේ වෙළෙඳ පොළ වටිනාකම ඇ.ඩො.බිලියන 797 ක් ලෙස සටහන් වූ අතර, මයික්‍රොසොෆ්ට් සමාගමේ එම අගය ඇ.ඩො.බිලියන 789ක් ලෙස සටහක් විය.

බ්ලූම්බර්ග් ධන කුවේරයන්ගේ ලැයිස්තුවට අනුව මේ වනවිට ලොව සිටින ධනවත්ම පුද්ගලයා බවට ඇමසෝන් නිර්මාතෘ ජෙෆ් බේසෝස් පත්ව සිටී.

ජෙෆ් පසුගිය වසරේදී මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල් ගේස්ට් පරයමින්, ඇ.ඩො.බිලියන 135ක පෞද්ගලික වත්කමකට හිමිකම් කියයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බ්‍රසීලයේ හදිසි තත්ත්වයක්

Mohamed Dilsad

පේරු රාජ්‍යයේ සිදුවූ නායයෑමකින් 15 දෙනෙක් මරුට..

Mohamed Dilsad

ඇමරිකානු නව ජනපතිට පාප් වහන්සේගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment