ප්‍රමුඛ පුවත 1

සේනා දළඹු මර්දනයට කෘමිනාශක මිලදී ගැනීම සඳහා ගොවීන්ට 50% ක සහනාධාරයක්.

(UTV| කොළඹ) – “සේනා” නැමැති දළඹු විශේෂය මේවනවිට බඩඉරිඟුවලට පමණක් නොව උක් ඇතුළු තවත් බෝග වර්ග කිහිපයකට හානි කරමින් ව්‍යාප්ත වන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

සේනා දළඹුවා විසින් බඩඉරිඟු වගාවන්ට සිදු කර ඇති හානිය සොයා බැලීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන් මහතා ඇතළු පිරිසක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ නාච්චායාදූව අවට වගා බිම් රැසක් නිරීක්ෂණය කිරීම සඳහා සහභාගී වූහ.

මෙම නිරීක්ෂණයන්ගෙන් පෙනී ගියේ සේනා දළඹුවා ඉතාමත් බරපතල ලෙස බඩඉරිඟු වගාවට හානිකර ඇති බවයි.

ගොවීන් විසින් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ කෙසේ හෝ සේනා දළඹුවා මර්දනය කර තම වගාවන් ආරක්ෂා කර දීමට පියවර ගන්නා ලෙසයි.

මේ අතර අමාත්‍යාංශය විසින් සේනා දළඹුවා මර්දනය සඳහා කෘමිනාශක 04ක් හඳුන්වා දී ඇති අතර කෘමිනාශක මිලදී ගැනීම සඳහා 50%ක සහනාධාර ලබා දීමට රුපියල් මිලියන 50ක මුදලක් වෙන්කර ඇත.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඩ්‍රෝන තාක්ෂණය උපයෝගී කරගනිමින් කෘමිනාශක ඉසීම අත්හදා බැලූ අතර එය සාර්ථක වන ලකුණු පහළ වී ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අර්ජුන් ඇලෝසියස් ඇතුලු 7කට අධිචෝදනා භාර දී ඇප මත මුදාහරි.

Mohamed Dilsad

අනවසර වැලි කැනිම් සිදු වන ස්ථාන වැටලිමට විශේෂ මෙහෙයුමක්.

Mohamed Dilsad

බලය පෙන්වීමට ගිය පොහොට්ටුවේ මන්ත්‍රී රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment