Trending News

අඩු කල මිල ගණන් යටතේ සහල් සියලුම ජනාකීර්ණ ප්‍රදේශ වලට බෙදා හැරීමට පියවර

(උදයම්,කොළඹ)  -අඩු කළ මිල ගණන් යටතේ සහල් සියලුම ජනාකීර්ණ ප්‍රදේශ වලට බෙදා හරින ලෙස කර්මාන්ත  හා වාණිජ කටයුතු අමාත්‍ය  රිෂාඩ් බදියුදීන් මහතා උපදෙස් ලබා දෙයි.

ඒ අනුව මේ වන විට සතොස සතුව ප්‍රමාණවත් සහල් තොග ඇති බැවින් ජංගම රථ යොදවා නගර හා ජනාකීර්ණ ප්‍රදේශවල සහල් අලෙවි කිරීමට කටයුතු කරමින් සිටී.

සහල් සදහා නියමකළ උපරිම සිල්ලර මිලටත් වඩා රුපියල් තුනක් අඩුවෙන් ලක් සතොස මගින් සහල් විකුණීම ආරම්භ කර ඇති බව කර්මාන්ත  හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්  මහතා පවසයි.දේශීය හා ආනයනික සහල් තොග අවශ්‍ය තරම් සතොස ගබඩාවල ඇති බැවින් පාරිභෝගිකයින්ගේ පහසුවතකා මෙම පියවර ගත් බව ඇමතිවරයා  වැඩිදුරටත් පවසයි.

ඒ අනුව උපරිම සිල්ලර මිල රුපියල් 78 ක් ලෙස නියම කර ඇති දේශීය සුදු රතු කැකුළු හා සුදු කැකුළු සහල් කිලෝවක් රු. 75 ක ට මිලදී ගත හැකි බවත්, ඇතැම් සිල්ලර වෙළෙඳුන් දේශීය හා ආනයනික සහල් උපරීම සිල්ලර මිලට විකිණිය නොහැකි බවට මැසිවිලි නගන බැවින් ඔවුන් සඳහා අවශ්‍ය සහල් තොග සතොස මගින් සැපයිය හැකි බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

එළබෙන සිංහල අලුත් අවුරුදු උත්සව සමයේ සහල් මිල ඉහළ යා හැකි බවට අසත්‍ය ප්‍රචාර ගෙන ගියද රට තුළ කිසිසේත්ම සහල් හිඟයක් ඇති නොවන බවත්, ඉදිරියේදී සහල්වල මිල අඩුවීමක් මිස වැඩිවීමක් නොවන බවද කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසයි.

Related posts

United Left Front pledges support for Sajith

Mohamed Dilsad

என்டர்பிரைஸ் ஸ்ரீலங்கா – இன்று நிறைவு விழா

Mohamed Dilsad

Four Police Officers interdicted

Mohamed Dilsad

Leave a Comment