විදෙස්

තෙරේසා මේ ට තවත් විශ්වාසභංගයක්

(UTV| බ්‍රිතාන්‍යය) – බ්‍රිතාන්‍යය අගමැතිනී තෙරේසා මේ ට එරෙහිව එරට විපක්ෂ නායක වන ජෙරමි කෝබින් විශ්වාසභංගයක් ඉදිරිපත් කර ඇත.

මෙයට හේතුව වුයේ තෙරේසා මේ පසුගියදා සකස් කළ බ්‍රෙක්සිට් සැලසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ප්‍රමාද වීමටයි .

බ්‍රිතාන්‍යය යුරෝපා බ්‍රෙක්සිට් සැලසුම වහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බව සහ ඊට අදාළ ඡන්ද විමසීම් පැවැත්වෙන දින ප්‍රමාද නොකරන බව ඔහු වැඩිදුරටත් පවසයි.

ලබන වසරේ ජනවාරි මස 14වැනිදා බ්‍රිතාන්‍ය විපක්ෂයට අනුව විශ්වසාභංග යෝජනාව ඉදිරිපත් කරන බව විදෙස් මාධ්‍ය පවසයි.

කෙසේ වෙතත් සිය සැලසුම හා ඊට අදාළ ඡන්ද විමසීම ලබන වසරේ ජනවාරි මාසයේ මැදභාගයේදී ගෙන ඒමට අපේක්ෂා කරන බව අගමැතිනිය ප්‍රකාශ කර ඇත.

පසුගිය සතියේද අගමැතිනී තෙරේසා මේට එරෙහිව ඇගේ පක්ෂය වන කන්සවේටිව්ය තුළින්ම විශ්වාසභංගයක් ඉදිරිපත් කෙරෙනු අතර එයින් ඇය ජයගත්තේය.

[alertcolor=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarkercolor=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් >utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බස් අනතුරකින් ජර්මන් සංචාරකයින් 29 දෙනෙකු මරුට

Mohamed Dilsad

යුක්‍රේනයත් ලොක්ඩවුන් කරයි

Mohamed Dilsad

ජපානයේ ටැපා සුළි කුණාටුව හේතුවෙන් 50 දෙනෙකුට තුවාල

Mohamed Dilsad

Leave a Comment