ප්‍රමුඛ පුවත 1

ගල්කිස්ස අධිකරණයේ ගිනි අවි හමුවීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරයට

(උදයම්,කොළඹ)  – ගල්කිස්ස අධිකරණය තුල තිබී ගිනි අවි හමුවීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් 20 දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.
එහිදී සැකකරුවන් ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය නියෝගය ලබාදුන්නේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ගිනි අවි සොයාගත් ඊයේ දිනයේ අධිකරණ භූමියේ රැඳී සිටි පුද්ගලයින් 9 දෙනෙකු සහ මෙම සිදුවීම අතරතුර අධිකරණ භූමියට පැමිණි පුද්ගලයින් 11 දෙනෙකු මෙම පිරිස අතර වන බවය.

ඔවුන්ගෙන් 16 දෙනෙකු අධිකරණ භූමියට රැගෙන ආ පුද්ගලයා රත්මලාන – වැටකෙයියා වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට තොරතුරු අනාවරණ වී ඇති අතර ඔහු ද අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේය.

චීනයේ නිෂ්පාදිත පිස්තෝලයක්ල රිවෝල්වරයක් සහ උණ්ඩ 10ක් ගල්කිස්ස අධිකරණ පරිශ්‍රයේ මහජනයා වෙනුවෙන් වෙන් කර තිබූ කොටසේ බංකුවක් අසළ බිම වැටී තිබූ පාර්සලයක තිබී හමුවූයේ ඊයේ පෙරවරු 10ට පමණය.

Related posts

කෝට්ටේ මහා නගර සභාවේ එ ජා ප නාගරික මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

පූජ්‍ය බෙන්තර ජිනානන්ද ස්වාමින් වහන්සේට ගාලූ කෝරළයේ ප්‍රධාන සංඝනායක ධූරය පිළිබඳ සන්නස් පත්‍ර ප්‍රදානය කෙරේ

Mohamed Dilsad

LTTE ක්‍රියා හේතුවෙන් ආබාධිත වූ පොලිස් නිළධාරින්ට හිමි සහන කඩිනමින්…

Mohamed Dilsad

Leave a Comment