විදෙස්

යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍ය ඉවත්වීම යෝජනාව පරාදයි

(උදයම්,බ්‍රිතාන්‍යය)  – යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍ය ඉවත්වීම සම්බන්ධයෙන් එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවක් පළමු වරට පරාජයට පත්වෙයි.

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වුවහොත් එම රටේ වෙසෙන යුරෝපා රටවල පුරවැසිභාවය හිමි වැසියන්ට බ්‍රිතාන්‍යයෙන් ඉවත්ව යාමට සිදුවන බව මෙම යෝජනාව මගින් ගෙන එන ලදී.

නමුත් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සාමි මණ්ඩලය මෙම යෝජනාවට  විරෝධය පළ කර තිබේ.

ඒ සඳහා පැවති ඡන්ද විමසීමේදී පාර්ලිමේන්තුවේ ඡුන්ද 358 න් යෝජනාවට විරුද්ධව ඡන්ද 256 ක් හිමිවුණි.

මෙම යෝජනාව ප්‍රතිශෝධනය කිරිමට මාස 3ක කාලයක් ලබාදී ඇත.

යුරෝපා රටවල පුරවැසිභාවය හිමි බ්‍රිතාන්‍යයේ වෙසෙන ජනතාවට කිසිදු තහනමකින් තොරව එහි රැඳී සිටීමට අවස්ථාව ලබාදිය යුතු බවයි පාර්ලිමේන්තුවේ  මතය වී ඇත්තේ.

Related posts

ඩෙබී ගෙන් පසු ඕස්ට්‍රේලියාවට තවත් සුළි කුණාටු අවධානමක්

Mohamed Dilsad

අධික උෂ්ණත්වය පිළිබඳව උතුරු කොරියානු වැසියන්ට අනතුරු ඇඟවීම්

Mohamed Dilsad

ට්‍රම්ප්ගේ සංක්‍රමනික ප්‍රතිපත්තියට මෙක්සිකෝව දැඩි විරෝධය

Mohamed Dilsad

Leave a Comment