විදෙස්

යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍ය ඉවත්වීම යෝජනාව පරාදයි

(උදයම්,බ්‍රිතාන්‍යය)  – යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍ය ඉවත්වීම සම්බන්ධයෙන් එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවක් පළමු වරට පරාජයට පත්වෙයි.

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වුවහොත් එම රටේ වෙසෙන යුරෝපා රටවල පුරවැසිභාවය හිමි වැසියන්ට බ්‍රිතාන්‍යයෙන් ඉවත්ව යාමට සිදුවන බව මෙම යෝජනාව මගින් ගෙන එන ලදී.

නමුත් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සාමි මණ්ඩලය මෙම යෝජනාවට  විරෝධය පළ කර තිබේ.

ඒ සඳහා පැවති ඡන්ද විමසීමේදී පාර්ලිමේන්තුවේ ඡුන්ද 358 න් යෝජනාවට විරුද්ධව ඡන්ද 256 ක් හිමිවුණි.

මෙම යෝජනාව ප්‍රතිශෝධනය කිරිමට මාස 3ක කාලයක් ලබාදී ඇත.

යුරෝපා රටවල පුරවැසිභාවය හිමි බ්‍රිතාන්‍යයේ වෙසෙන ජනතාවට කිසිදු තහනමකින් තොරව එහි රැඳී සිටීමට අවස්ථාව ලබාදිය යුතු බවයි පාර්ලිමේන්තුවේ  මතය වී ඇත්තේ.

Related posts

ඇමරිකානු නව ජනපතිගෙන් එන්නත්කරණය ගැන ප්‍රතිඥාවක්

Mohamed Dilsad

චන්ද්‍රයාගේ කක්ෂය තුළ පරිභ්‍රමණය වන ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයක්

Mohamed Dilsad

ලැව්ගිනි ජීවිත 36ක් බිලිගනී

Mohamed Dilsad

Leave a Comment