ප්‍රමුඛ පුවත 1

සාමාන්‍ය පෙළට මුහුණ දුන් අපේකෂකයින් 05 කගේ ප්‍රතිඵල අත්හිටුවීමට පියවර…

මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි අපේක්ෂකයින් 05 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.

අදාළ අපේක්ෂකයන් විභාගය අතරතුර සිදුවූ විවිධ අක්‍රමිකතා සම්බන්ධව චෝදනා ලැබ ඇති හෙයින් මෙම තීරණය ගත් බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සදහන් කළේය.

පසුගියදා අවසන් වූ සාමාන්‍ය පෙළ විභාගය අතරතුර විභාග වංචා සම්බන්ධයෙන් අපේක්ෂකයන් කීපදෙනෙක් සහ ගුරුවරියක් ඇතුළුව 07 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ද මේ වන විට ක්‍රියාත්මක වෙයි.

Related posts

ප්‍රදේශ රැසකට වැසි

Mohamed Dilsad

එජාප විශ්වාස භංගය ඉල්ලා අස්කර ගන්නැයි අගමැතිගෙන් උපදෙස්

Mohamed Dilsad

ශී‍්‍ර ලංකා – දකුණු කොරියානු ජනපතිවරු අතර නිල හමුවට පෙර අනපේක්ෂිත මිත‍්‍රශීලි හමුවක්

Mohamed Dilsad

Leave a Comment