ප්‍රමුඛ පුවත 1

සාමන්‍ය පෙළ විභාගයට ව්‍යාජ ලෙස පෙනී සිටි තිදෙනෙකු අත්අඩංගුවට

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ඊයේ (10) පැවති ගණිතය ප්‍රශ්න පත්‍රය සඳහා ඉදිරිපත් විය යුතු නියමිත අපේක්ෂයින් වෙනුවට ව්‍යාජ ලෙස ඉදිරිපත් වී විභාගයට පෙනීසිටි 03 දෙනෙකු  අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය විසින් තිබෙනවා.

විභාග ශාලා නිලධාරීන් විසින් කළ දැනුම්දීමකට අනුව මෙම තිදෙනා අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

මාතර තිහගොඩ පුහුවැල්ල ප්‍රදේශයේ පාසලකදී මෙලෙස එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව ඊට පෙනී සිටිය යුතු නියමිත අපේක්ෂකයාද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස තවත්, ව්‍යාජ ලෙස අදාළ විභාගයේ ගණිතය පත්‍රයට පිළිතුරු ලියමින් සිටි තණමල්විල බෝදාගම පාසලකදී සැකකරුවෙක් සහ නියමිත අපේක්ෂකයාද අත්අඩංගුවට ගැනුණා.

මෙහිදී අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 40 සහ 45 යන වයස්වල පසුවන වීරවිල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්.

කල්මුණේ සයින්දමරදු ප්‍රදේශයේ පාසලකදී ද ඊයේ ගණතය ප්‍රශ්න පත්‍රයට ව්‍යාජ ලෙස පෙනී සිටි සැකකරුවෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ විභාග මධ්‍යස්ථානයෙන් සිදු කර තිබූ දැනුම්දීමකට අනුවයි.

අත්අඩංගුවට පත් වූ සැකකරු වයස අවුරුදු 19ක පුද්ගලයෙකු බවයි පොලිසිය සඳහන් කළේ.

Related posts

කිරිවෙහෙර නාහිමිට වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ්.

Mohamed Dilsad

තලංගම ඉන්ධන පිරවුම්හලක් කොල්ලකයි…

Mohamed Dilsad

මිලියන 24ක හෙරොයින් සමඟ විදේශිකයෙකු අත්අඩංගුවේ

Mohamed Dilsad

Leave a Comment