ප්‍රමුඛ පුවත 1

රන්ජන් රාමනායකට එරෙහි නඩුව ලබන වසරට කල් යයි

(UTV| කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට එරෙහි නඩුවේ සාක්ෂි විභාග කිරීම ජනවාරි 28 දක්වා කල් තැබීමට අද (10) නියෝග කරනු ලැබීය.

ඒ සිසිර ද ආබෲ, විජිත් මලල්ගොඩ සහ ප්‍රසන්න ජයවර්ධන යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව කැදවූ අවස්ථාවේදීයි.

අධිකරණයට අපහාස කළ බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වෙයි.

ගිය වසරේ අගෝස්තු මාසයේදී රනිල් වික්‍රමසිංහ සමග පැවති සාකච්ඡාවකින් පසුව රාමනායක මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ මෙරට විනිසුරුවරුන් සහ නීතීඥවරුන්ගෙන් බහුතරයක් දූෂිත බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වාහන තදබදය දිනකට බිලියනයක් අහිමි කරයි

Mohamed Dilsad

මාදුරුඔය දකුණු ඉවුර සංවර්ධනය කෙරේ

Mohamed Dilsad

නව ආණ්ඩුවේ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment