ක්‍රීඩා

තණ තීරුව වෙනස් කිරීම ගැන ඉන්දියාවට චෝදනාවක්

(උදයම්,ඉන්දියාව)  –  තණ තීරුව වෙනස් කිරීම සම්බන්ධයෙන් ඉන්දියාවට චෝදනා එල්ල වෙයි.ඒ ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පසුගියදා පැවති පළමු ටෙස්ට් තරඟයේදීය.

සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම සහ ඉන්දියානු කණ්ඩායම අතර පසුගියදා පුනේ හි පැවති තරඟයේදී, තරඟය පැවති මහාරාෂ්ඨ ක්‍රීඩාංගනයේ තණ තීරුව වෙනස් කිරීම සම්බන්ධයෙන් මෙලෙස චෝදනා එල්ලවී තිබේ.

තණ තීරුවක පවතින සාමාන්‍ය දඟ කැවීමට වඩා වැඩි දඟ කැවීමක් මහාරාෂ්ඨ ක්‍රීඩාංගනයේ තණ තීරුවේ පැවති බව එම තරඟයේ තරඟ තීරක ලෙස කටයුතු කළ ක්‍රිස් බ්‍රෝඩ් විසින්  චෝදනාව එල්ල කළේය.

එල්ල වී ඇති මෙම චෝදනාවට ඉන්දියාව වැරදිකරුවෙක් වුවහොත් ඉන්දියාවට, ඩොලර් 15000ක මුදලක් දඩ වශයෙන් ගෙවීමට සිදුවේ.

කෙසේ වෙතත් ඉන්දියාවට එල්ල වූ මෙම චෝදනාවට පිළිතුරු ලබා දීම සදහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සති දෙකක කාලයක් ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත ලබා දී තිබේ.

Related posts

ආසියානු කුසලාන කාන්තා 20-20 අවසන් මහා තරඟයට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබයි.

Editor O

අශ්වින් IPL හැර යයි

Mohamed Dilsad

ජොනතන් ට්‍රොට් එංගලන්ත පිතිකරණ පුහුණුකරු ධූරයට

Mohamed Dilsad

Leave a Comment