ප්‍රමුඛ පුවත 1

බේරුවලදී වැටලු හෙරොයින් ජාවාරමේ සුල මුල

(UTV| කොළඹ) – පසුගිදා හෙරොයින් තොගයක් සොයා ගැනීමට සම්බන්ධ ජාවාරම පාකිස්ථානය සහ මාලදිවයිනේ සිට මෙහෙයවා ඇතැයි විමර්ශනවලදී අනාවරණය වෙයි.

මෙම ජාවාරම රටින් පළා ගොස් සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් මෙහෙයවා ඇති බවට අනාවරණ වී ඇති බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි.

මෙම හෙරොයින් කිලෝග්‍රෑම් 231 යි ග්‍රෑම් 54 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනුණේ පසුගිය 5 වනදා රාත්‍රියේය.

මෙම  මෙහෙයුම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය, මෙහෙයුම දියත් කර තිබුණේ පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ නාවික හමුදාවෙන් සහයෙනි.

සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් පස් දෙනෙකු හඳුනාගෙන ඇත.

ඔවුන් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලීසිය පැවසීය.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ගේ බැංකු ගිණුම් පරීක්ෂාවකට ලක් කිරීමට ද නියමිත ය.

මේ අතර, 44 හැවිරිදි මොරගල්ල, බේරුවල පදිංචිකරුවෙකු හෙරොයින් තොගය ප්‍රවාහනය කළ ට්‍රෝලර් යාත්‍රාවේ හිමිකරු වන අතර ඔහු පසුගිය 7 වනදා දහවල් අත්අඩංගුවට ගැනිණ.

සැකකරු සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 15 ක මුදලක් සොයාගෙන ඇති අතර ඔහු එම මුදල ලබාගෙන ඇත්තේ යටියන්තොට ප්‍රදේශයේ බැංකුවක සිය පෞද්ගලික ගිණුමකිනි.

ඔහු අධිකරණයට ඉදිරිපත් කර දින 7ක රැඳවුම් නියෝග ලබාගත් බව පොලීසිය පැවසීය.

ඒවායේ වටිනාකම රුපියල් මිලියන 2778 කට අධිකය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

නිදහස් දිනය වෙනුවෙන් සිරකරුවන්ට නිදහස

Mohamed Dilsad

සංශෝධිත නව බස් ගාස්තු අද සිට

Mohamed Dilsad

කිරි පිටි මිල සම්බන්ධයෙන් ලබන සතියේ තීන්දුවක්

Mohamed Dilsad

Leave a Comment