ප්‍රමුඛ පුවත 1

ජනපති කම්කරු කොංග්‍රස නියෝජිතයින් හමුවීමට සුදානම්

(UTV| කොළඹ) – ජනාධිපතිවරයා සමඟ ලංකා කම්කරු කොංග්‍රසයේ සාකච්ඡාවක් අද (10) පැවැත්වීමට නියමිතය.

ඒ වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප් රුපියල් 1000 දක්වා වැඩි කිරීම සම්බන්ධයෙනි.

ඊයේ (09) පැවති මාධ්‍ය හමුවක් අමතමින් ආරුමුගන් තොණ්ඩමණ් මන්ත්‍රීවරයා මේ පිළිබද සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආරුමුගන් තොණ්ඩමණ් මහතා කියා සිටියේ වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් 1000 ඉල්ලා වතු කම්කරුවන් ආරම්භ කර ඇති වැඩ වර්ජනය ඊයේ වන විට 06 වෙනි දිනටත් ක්‍රියාත්මක බවය.

වතු කම්කරුවන් වෙනුවෙන් ඉල්ලා සිටින රුපියල් 1000 දෛනික මූලික වැටුප වතු සමාගම්වලට ලබාදීමට හැකියාව තිබියදී එම මුදල ලබා නොදෙන්නේ නම් තේ වතු යලිත් රජයට භාරදිය යුතු බව තොණ්ඩමණ් මහතා එහිදී පැවසුවේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ආයුධ සමඟ හමුදා සෙබලෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

ජනවාරි 14 සිදුකළ යුත්තක් ගැන අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්…

Mohamed Dilsad

සියලුම කතෝලික පෞද්ගලික පාසල් යළි දැනුම්දෙන තුරු වසා තබන්න – අගරදගුරුතුමාණන්

Mohamed Dilsad

Leave a Comment