ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තුව විසිරුවාහැරීමට එරෙහි පෙත්සම් විභාගය සිව් වන දිනටත් ඇරඹේ

(UTV| කොළඹ) – පාර්ලිමේන්තුව විසිරුවාහරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බැවින් එමගින් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ඉදිරිපත් කළ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඇරඹේ.

අද(07)  සිව් වන දිනට මෙම පෙත්සම් විභාගය පැවැත්වේ.

අගවිනිසුරු නලීන් පෙරේරා ප්‍රමුඛ සත් පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ එම පෙත්සම් විභාගය සිදු කෙරේ.

අදාළ ගැසට් නිවේදනය බල රහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය හෙට දිනය දක්වා දීර්ඝ කෙරුණි.

ඊයේ(06) අතරමැදි පෙත්සම් කරුවන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දක්වා තිබුණි.

පෙත්සම්කරුවන් ඊට ප්‍රතිචාර දක්වමින් කරුණු දැක්වීම අද සිදුකිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මාතලේ මහනගර සභාවේ අයවැය දෙවන වතාවටත් පරාදයි

Mohamed Dilsad

රොටුඹ අමිල ලබන 23 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරයට…

Mohamed Dilsad

ඉහළ පොලිස් නිලධාරීන් 16 කට නව පත්වීම් සහ ස්ථාන මාරුවීම් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment