ප්‍රමුඛ පුවත 1

අපොස සාමාන්‍ය පෙළ විභාගය අද

(UTV| කොළඹ) – අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද ආරම්භ ‌වේ. 

මධ්‍යස්ථාන 4661 කදී මෙවර විභාගය පැවැත්වෙන අතර මෙවර අපේක්ෂකයින් හය ලක්ෂ 56,641 ක් පෙනී සිටින බව විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පුජිත මහතා සඳහන් කළේය.

විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ, විභාග ශාලාවට ජංගම දුරකථන, ස්මාට් වොච් රැගෙන ඒම තහනම් බවයි.

අද උදෑසන 8.30 ට විභාගය ආරම්භ වන අතර, අපේක්ෂකයින් උදෑසන 8 වන විට විභාග ශාලා වෙත පැමිණිය යුතු බව ද ඔහු සඳහන් කළේ ය.

මේ අතර සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරිමට පොලිසිය පියවර ගෙන තිබේ.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අවසන් වන්නේ ලබන 12 වනදා ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සාග් තරගාවලියට ගිය ලංකාවේ 13 දෙනෙකුට ඩෙංගු

Mohamed Dilsad

මාදුරුඔය දකුණු ඉවුර සංවර්ධනය කෙරේ

Mohamed Dilsad

රත්නපුරට ජාත්‍යන්තර මැණික් වෙළඳපොළක් – ගෝඨා [VIDEO]

Mohamed Dilsad

Leave a Comment