ප්‍රමුඛ පුවත 1

පාසල් කාලය තුල සිසු උද්ඝෝෂණ තහනම්

(උදයම්,කොළඹ)  – පාසල් කාලය තුල සිසුන් උද්ඝෝෂණ සඳහා යොදා ගැනීම සහ අවසර නොමැතිව බාහිර පිරිස් පාසැල් වෙත ඇතුල් වීම තහනම් කරමින් චක්‍රලේඛයක් නිකුත්කරයි.

දෙමව්පියන්ගෙන් ලැබුනු පැමිණිලි සහ අනාවරණ වු සෙසු කරුණු සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව අධ්‍යාන අමාත්‍යංශ ලේකම්වරයා විසින් මෙම පියවර ගෙන ඇත.

රජයේ ප්‍රතිපත්ති සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමට එරෙහිව මෙන්ම වෙනත් අන්තගාමී මත පාසල් සිසුන් අතර ප්‍රචලිත කිරීමට ඇතැම් පුද්ගලයන් සහ සංවිධානාත්මක කණ්ඩායම් විසින් කටයුතු කරන බවවට අධ්‍යාපන අමාත්‍යංශයට තොරතුරු ලැබී ඇත අතර එය පාසල්වල ඉගැන්වීම් ක්‍රියාවලියට සහ සිසුන්ගේ විනය පවත්වාගෙන යාමට බාධාවක් බවට ද දෙමව්පියන් පැමිණිලි කර තිබේ.

එම කරුණු සැලකිල්ලට ගනිමින් අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කල චක්‍රලේඛයට අනුව අධ්‍යාපන අමාත්‍යංශයේ හෝ පළාත් අධ්‍යාපන ලේකම්වරුන්ගේ හෝ පළාත් අධ්‍යක්ෂවරුන්ගේ විශේෂ අවසරයකින් තොරව පාසල්වල කිසිදු රැස්වීමක් හෝ සාකච්ඡාවක් නොපැවැත්වීමට වගබලා ගන්නා ලෙසට උපදෙස් ලබාදුණි.

එම උපදෙස් පිළි නොපැදීමෙන් ඇතිවන අර්බුධකාරී තත්වයකට වුව ද අදාළ පාසල්වල විදුහල්පතිවරුන් පෞද්ගලිකවම වගකිව යුතු බවයි චක්‍රලේඛයේ සඳහන්වේ.

Related posts

ජනාධිපතිවරණයට අදාළ මූලික කටයුතු අවසන්

Mohamed Dilsad

එළඹෙන සඳුදා රට ඇරෙන හැටි ජනපති විමසුමට

Mohamed Dilsad

මහවැලි ඉඩම් ලාභීන් වෙත ජනපති අතින් ඔප්පු

Mohamed Dilsad

Leave a Comment