ප්‍රමුඛ පුවත 1

පස්වරුවේ වැසි ඇති වන ලකුණු

(UTV| කොළඹ) – මධ්‍යම, සබරගමුව, ඌව, බස්නාහිර සහ දකුණු පළාත්වලසවස 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි .

සබරගමුව පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක් තද වැසි ඇති විය හැක.

මධ්‍යම, සබරගමුව, බස්නාහිර, දකුණු සහ උතුරු මැද පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වැසි රහිත කාලගුණ තත්ත්වයක්

Mohamed Dilsad

ජනපති ආණ්ඩුකාරවරුන් හමුවේ

Mohamed Dilsad

මැතිවරණය සාමකාමීයි – මහින්ද දේශප්‍රිය

Mohamed Dilsad

Leave a Comment