ප්‍රමුඛ පුවත 1

මැතිවරණය සාමකාමීයි – මහින්ද දේශප්‍රිය

(UTV | කොළඹ) – ඡන්ද විමසීමේ දී මේ වන තුරු කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා වී නැතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

මාධ්‍ය උපමාන අනුව කටයුතු නොකළ ආයතන වලට මැතිවරණ ප්‍රතිඵල ලබා නොදීමට අවධානය යොමුව ඇතැයි  පවසන සභාපතිවරයා, ඒ පිළිබඳ අද (16) පස්වරුවේ කොමිෂන් සභාව රැස්වී  සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවද සඳහන් කළේය.

අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ පිළිබදව ප්‍රකාශකර සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද දේශප්‍රිය මහතා ,

ඡන්ද පත්‍රිකාව ඉතා දිගු නිසා ඡන්ද මධ්‍යස්ථානයක පෝලිම් 03ක් යෙදීමට තීරණය කළ බවත් සවස 5.00 වන තෙක්ම දිගු පෝළිමක් තිබේදැයි තමාට සැකයක් ඇති බවත් ඒ මහතා පැවසීය. තවද මෙවර ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් මේ වන තුරුද වාර්තා වී නොමැති වීම අගය කරන බවත් දේශප්‍රිය මහතා පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කුඩු රොෂාන් ඇතුළු සැකකරුවන් හත් දෙනෙක් අත්අඩංගුවට [video]

Mohamed Dilsad

රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ වෛද්‍යවරුන් වර්ජනයක

Mohamed Dilsad

2019 වසර සඳහා වන මාධ්‍ය හැදුනුම්පතේ වලංගු කාලය දීර්ඝ කරයි

Mohamed Dilsad

Leave a Comment