ප්‍රමුඛ පුවත 1

අර්බුදය විසදීමට අදත් පාර්ලිමේන්තුව රැස්වේ

(UTV| කොළඹ) – පවතින අර්බුදකාරී දේශපාලන වාතාවරණය හමුවේ අද(19) සිව් වන දිනටත් යළි පාර්ලිමේන්තුව රැස්වේ.

ඒ අද පස්වරු 1.00ට කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙනි.

සභාවාරය අවසන්  කිරීමෙන් අනතුරුව පසුගිය 14 වනදා පළමු වරටපාර්ලිමේන්තුව රැස් විය.

එහිදී ඇති වූ අර්බුදකාරී තත්වය අනුව 15 වන දිනට පාර්ලිමේන්තුව කල් තැබීමට කථානායකවරයා පියවර ගත්තේය.

පසුව 15 වන දින රැස් වූ පාර්ලිමේන්තුවේ කටයුතු යළිත් 16 වන දිනට කල් තැබුණි.

එදින ද පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරුන්ගේ අශෝභන හැසිරීම හේතුවෙන් එය අද(19) දිනය දක්වා කල් තබන ලදී.

මේ අතර පක්ෂ නායක රැස්වීමක් අද දහවල් 12.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතය.

ඊට සියලු දේශපාලන පක්ෂ වල නායකයින්ට ආරාධනා කර ඇති බව කථානායක කාර්යාලය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නිදහස් පක්ෂ මැයි දිනය පවත්වන ස්ථානය තීරණය වෙයි..

Mohamed Dilsad

වෛද්‍ය මොහොමඞ් සාෆි අධිකරණයට [VIDEO]

Mohamed Dilsad

ජනපතිගේ කතාව සම්පූර්ණයෙන් අසත්‍යයක් – අනූෂ පැල්පිට

Mohamed Dilsad

Leave a Comment