Trending News

‘ගජ’ සුළි කුණාටුව චන්ඩ සුළි කුණාටුවක් බවට වර්ධනය වෙයි….

මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින‘ගජ’ සුළි කුණාටුව චන්ඩ සුළි කුණාටුවක් බවට වර්ධනය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම සුළි කුණාටුව කන්කසන්තුරේ සිට කිලෝමීටර 650 ක් දුරින් ස්ථාන ගතවී ඇති බවත් ඒ හේතුවෙන් උතුර, උතුරුමැද පළාත්වල මෙන්ම පුත්තලම දිස්ත්‍රික්කයේද පෙරවරු කාලයේ සිට තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඉදිරි පැය 06 තුළදී බටහිරට බරව නිරිත දෙසට ගමන් කරමින් ගජ සුළි කුණාවුට තවදුරටත් චන්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇති. මේ හේතුවෙන් අද දින සවස් කාලයේ සිට උතුරු පළාතේ සුළඟේ වේගය සහ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරෙයි.

මීට අමතරව මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල සමහර ප්‍රදේශවල පෙරවරු කාලයේදී මීදුම් තත්ත්වයක් ඇති විය හැකි බව එද දෙපාර්තමේනතුව සදහන් කරයි.

Related posts

இரு பிள்ளைகளின் தாயை பாலியல் துஸ்பிரயோகம் செய்த மூவர் கைது

Mohamed Dilsad

President to distribute 1053 land deeds to farmers in Polonnaruwa District tomorrow

Mohamed Dilsad

Prominent Indian author killed in SL accident

Mohamed Dilsad

Leave a Comment