ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 11 ක්

(UTV| කොළඹ) – පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් 11ක් ගොනු කර තිබේ.

එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, දෙමළ ප්‍රගතිශීලී සන්ධානය, මුස්ලිම් කොංග්‍රසය සහ සමස්ත ලංකා මහජන කොංග්‍රසය මෙලෙස පෙත්සම් ගොනුකර ඇති බව වාර්තාවේ.

මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.

19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නොහැකි බවත්, එය ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවත් පෙත්සම්කරුවන් සිය පෙත්සම් මගින් පෙන්වා දෙයි.

මේ නිසා මහ මැතිවරණය කැඳවීමේ ගැසට් නිවේදනය  බලරහිත කරන ලෙස ඔවුන් එමඟින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කොටහේන – රාමනාදන් මාවතේ වාහන ගමනාගමනය සීමා කරයි

Mohamed Dilsad

උසස් පෙළ ප්‍රතිඵල අද තැපෑලට

Mohamed Dilsad

පීඩාවට පත්වූවන්ට ක්ෂුද්‍ර මූල්‍ය ආයතන මගින් ලබා දුන් ණය කපා හැරීමට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment