ප්‍රමුඛ පුවත 1

ජවිපෙ යළි විරෝධතා පෙළපාළියකට සුදානම්

(UTV| කොළඹ) – “කුමන්ත්‍රණ පරදවන ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ජන බලය” යන තේමාව යටතේ ජනතා විමුක්ති පෙරමුණ ලබන 09 වැනිදා

දැවැන්ත විරෝධතාවයකට සැරසෙයි.

මෙහිදී ප්‍රධාන නගර හතරකදී උද්ඝෝෂණ ,විරෝධතා පෙළපාළි සහ සම්මන්ත්‍රණ පවත්වන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා මාධ්‍ය වෙත පැවැසීය.

මාතර, රත්නපුර, මහනුවර සහ අනුරාධපුර නගරවලදී අදාළ ක්‍රියාමාර්ග ජනතා විමුක්ති පෙරමුණේ නායකයන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බවද ඒ මහතා පැවැසීය.

ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර නගරයේදිත්, පක්ෂයේ ප්‍රධාන ‍ලේකම් ටිල්වින් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් රත්නපුර නගරයේදීත්, පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවරදීත් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර නගරයේදීත් සිකුරාදා (09) වෙනිදා පස්වරු 3.00ට මෙම විරෝධතා රැලි, පෙළපාළි සහ සම්මන්ත්‍රණ පැවැත්වීමට එම පක්ෂය කටයුතු යොදා ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ ඉදිකිරීම් අත්හිටුවයි

Mohamed Dilsad

ඌව පළාත් සභාවේ නිල කාලය අදින් අවසන්

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට වැසි රහිත කාලගුණයක්.

Mohamed Dilsad

Leave a Comment