ප්‍රමුඛ පුවත 1

අඩු පීඩන තත්ත්වය හේතුවෙන් අදත් වැසි

(UTV| කොළඹ) – දිවයින ආසන්නයේ නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන තත්වය හේතුවෙන් අද (06) දිනයේදීත් දිවයිනේ ප්‍රදේශ රැසක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

උතුර, උතුරු මැද , නැගෙනහිර, වයඹ සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බවත් දිවයිනේ උතුරු අර්ධය හරහා පැයට කිලෝමීටර් 50 ක් 60 ක් දක්වා තද සුලං අපේක්ෂා කල හැකි බවත් එම නිවේදනයේ සදහන්.

සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතියි.

ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී අකුණු අනතුරු අවම කරගන්නා ලෙසටත් මුහුදු යාමෙන් වළකින ලෙසටත් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අතුරුදන්වූ පුද්ගලයෙකුගේ හිසක් මනම්පිටියෙන් හමුවෙයි

Mohamed Dilsad

ප්‍රංශයේ නව ජනාධිපති සහ රුසියානු ජනාධිපති අතර සකච්ඡා

Mohamed Dilsad

ශ්‍රී පාද වන්දනා සමයේ විශේෂ දුම්රිය සේවා

Mohamed Dilsad

Leave a Comment