ප්‍රමුඛ පුවත 1

පාළිත,හේෂා ඇප මත නිදහස්

(UTV| කොළඹ) – හිටපු පළාත් සභා මන්ත්‍රී මේජර් අජිත් ප්‍රසන්න මහතාට පහරදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාලිත තෙවරප්පෙරුම සහ හේෂා විතානගේ මහත්වරුන් ඇප මත මුදා හැර තිබේ.

රුපියල් ලක්ෂය බැගින් වන ශරීර ඇප දෙකක් මත ඔවුන් මුදා හැරීමටයි කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය.

පෙබරවාරි 14 වනදා යලි නඩුව කැදවීමට නියමිතය. පසුගිය බ්‍රහස්පතින්දා අරලිය ගහ මන්දිරය ඉදිරිපිටදී අදාළ පහරදීම සිදුව ඇත.

ඒ සම්බන්ධයෙන් කර තිබූ පැමිණිල්ලකට අනුවයි කොල්ලුපිටිය පොලිසිය අද(05) දහවල් මන්ත්‍රීවරුන් දෙදෙනාව අත්අඩංගුවට ගත්තේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සියලුම පාසල්වල ආපන ශාලා පරික්ෂාවට.

Mohamed Dilsad

පාසල් අවට වාහන නතර කිරීම තහනම්.

Mohamed Dilsad

මල් වගාවක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගංජා වගාවක් වටලයි

Mohamed Dilsad

Leave a Comment