ප්‍රමුඛ පුවත 1

උඩවලව රක්ෂිතයේදි වෙඩි හුවමාරුවක්

(UTV|උඩවලව) – අද(31) අළුයම උඩවලව රක්ෂිත ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරින් සිදු කල වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

මෙම රක්ෂිතයේ මුවන් මරා මස් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනිමට යාමේදී ඔවුන් විසින් පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරින්ට වෙඩි තබා ඇති බව පොලිසිය පවසයි.

එහිදී පොලිස් විශේෂ බලකා නිලධාරින් සිදු කළ ප්‍රතිප්‍රහාරවලදී එක් සැකකරුවෙකු තුවාල ලබා තිබේ.

තුවාල ලැබූ සැකකරු උඩවලව රෝහලට ඇතුළත් කිරිමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට මාරුකර යවා ඇති බව වාර්තාවේ.

මෙහිදී සැකකරු මරා දමා තිබූ මුවන් කිහිපදෙනෙකු සහ ටී 56 ගිනි අවියක් හා එම උණ්ඩ 27ක් සමඟ පොලිසිය භාරයට ගෙන ඇත.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් පරිදි අදාල සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගුරු සංගම් නැවතත් එක්දින වැඩ වර්ජනයක

Mohamed Dilsad

දිස්ත්‍රික්ක 4 කට නායයෑමේ අනතුරු ඇඟවීම් [RELEASE]

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට කිසිඳු සුනාමි අවධානමක් නෑ

Mohamed Dilsad

Leave a Comment