ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

කොළඹ කොටස් වෙළඳපොල වාර්තාගත ලෙස ඉහළට

(UTV| කොළඹ) – කොළඹ කොටස් වෙළඳපොලේ  ඊයේ(29) දිනයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 112.22 කින් ඉහළ ගිය අතර දිනය අවසානයේ දී එහි අගය සටහන් වූයේ ඒකක 5,944.18 ක් ලෙසිනි.

මෙය අවසාන කොටස් වෙළෙඳපොළ ගනුදෙනු දිනය වූ පසුගිය සිකුරාදා දිනයට වඩා 1.92% ක ඉහළ යාමකි.

මේ අතර S&P SL20 දර්ශකය දිනය තුළ දී ඒකක 61.26 ක වර්ධනයක් වාර්තා කර අතර එය පෙර දිනයට සාපේක්ෂව 2.04% ක වැඩිවීමකි. දිනය අවසානයේ දී S&P SL20 දර්ශකය ඒකක 3,058.59 ක් ලෙසින් වාර්තා විය.

ඊයේ දින දක්නට ලැබුණු තවත් කැපී පෙනෙන සිදුවීමක් වූයේ රුපියල් බිලියන 4 ක් ඉක්මවූ දෛනික ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වීමයි.

2018 වසරේ මේ දක්වා කාලය තුළ දෛනික සාමාන්‍ය පිරිවැටුම රුපියල් මිලියන 768 ක්වූ අතර අද දින එම අගය සටහන් වූයේ රුපියල් බිලියන 4.16 ක් වශයෙනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අකුරැස්සසේදි පොලිසිය සමග වෙඩි හුවමාරුවකින් සැකකරුවෙක් මරුට

Mohamed Dilsad

ඇල්පිටිය ඡන්දයට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

Mohamed Dilsad

පුජීත්ට හා හේමසිරිට එරෙහිව නීතිපතිවරයා පුර්ණ විනිසුරු මඩුල්ලක් ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment