ප්‍රමුඛ පුවත 1

නාලක ද සිල්වා රිමාන්ඩ්

(UTV| කොළඹ) – ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය බාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් නාලක ද සිල්වා ඊයේ (25) රාත්‍රියේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඉදිරිපත් වු කරුණු සලකා ලැබූ මහේස්ත්‍රාත්වරයා  හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා නොවැම්බර් මස 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කර ඇත.

ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමට සැලසුම් කළ බවට නාලක ද සිල්වාට චෝදනා එල්ල විය.

ඒ දුෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාලක ද සිල්වා දුරකතන සංවාද කිහිපයක් උපුටා දක්වමින් සිදු කළ අනාවරණයකින් අනතුරුවය.

මේ සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පරික්ෂණ ආරම්භ කළ අතර අවස්ථා කිහිපයකදී නාලක ද සිල්වාගෙන් එම දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත්තේය.

එමෙන්ම  හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ දූෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර අතර සිදු වූ දුරකතන සංවාදවල හඩපටද රජයේ රස පරික්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කළේය.

එහිදී අදාළ දුරකතන සංවාදවල හඬපට ඔවුන්ගේ කටහඩ සාම්පල සමඟ ගැලපෙන බවට ද තොරතුරු අනාවරණය වුණි.

පළමුවරට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය බ්‍රස්පතින්දා දිනයේ  හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා කැඳවා ප්‍රකාශ සටහන් කර ගත් අතර ඊයේ පස්වන දිනටත් ප්‍රකාශ සටහන් කර ගනු ලැබුවේය.

පැය 09කට අධික කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනිමෙන් අනතුරුව රාත්‍රි 07.00ට පමණ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය බාර හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පාස්කු ප්‍රහාරය පිළිබඳව ජනපති කොමිසම යළි සාක්ෂි විමසයි

Mohamed Dilsad

මහින්ද රාජපක්ෂ විපක්ෂ නායක බව පාර්ලිමේන්තුවට දැනුම් දෙයි..

Mohamed Dilsad

හෙට දුම්රිය වර්ජනයක් ?

Mohamed Dilsad

Leave a Comment