ප්‍රමුඛ පුවත 1

යළිත් නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

(UTV|නුවරඑළිය) – පවතින වැසි කාලගුණ තත්ත්වයත් මත ඊයේ (21) රාත්‍රි 10.30 සිට ඉදිරි පැය 24 සදහා ක්‍රියාත්මක වන පරිදි නුවරඑළිය දිස්ත්‍රික්කය නායයෑම් අවදානම් නිවේදනයක් නිකුත් කිරිමට ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය කටයුතු කර තිබේ.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශිය කොට්ඨාසය  සහ ඒ අවට ප්‍රදේශවලට මෙම අවදානම් නිවේදනය නිකුත් කර තිබේ.

පසුගිය පැය 24 තුළ මිලිමීටර් 75  ඉක්ම වූ වාර්ෂාපතනයක් නුවරඑළිය දිස්ත්‍රික්කයට ලැබී ඇති අතර මේ හේතුවෙන් නායයාම්, බැවුම් කඩාවැටීම්, ගල් පෙරළීම්, පොලොව ගිලා බැසීම් සහ පස් කණ්ඩි කඩාවැටීම් පිළිබඳව අවදානය යොමු කළ යුතු බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය අවධාරණය කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙවර ජන්ද කාඩ්පත් නොලැබුණු දායකයන්ට පණිවිඩයක්

Mohamed Dilsad

හෙට සිට බස් ගාස්තු වැඩි වෙන්නේ මෙහෙමයි

Mohamed Dilsad

කෙහෙළිය නගන දේශපාලන අවලාද හෙලා දකිනවා [VIDEO]

Mohamed Dilsad

Leave a Comment