ප්‍රමුඛ පුවත 1

නාලක සිල්වා වැඩ තහනමට ලක් කෙරේ

(UTV| කොළඹ) – ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගේ වැඩ තහනම් කිරීමට රාජ්‍ය පරිපාලන, කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර තීරණය කරයි.

ඒ සඳහා වන නිර්දේශය අමාත්‍යංශ ලේකම්වරයාගේ අත්සනින් යුතුව ජාතික පොලිස් කොමිසම වෙත යවා ඇති බව වාර්තාවේ.

මේ අතර නාලක ද සිල්වාට හෙට (18) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට දැනුම්දී තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව ඔහුට මෙම කැදවීම සිදු කෙරුණි.

ප්‍රකාශයක් ලබාදීම සඳහා ඊයේ (16) දිනයේ ඔහුට මෙම දෙපාර්තමේන්තුව හමුවට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණත් තම දරුවා අසනීප තත්ත්වයේ පසුවීම හේතුවෙන් පැමිණිය නොහැකි බව ඔහු දැනුම් දී තිබුණි.

ඒ අනුව හෙට පෙරවරුවේ යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට කුරුඳුවත්ත පොලීසිය හරහා නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම් දී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කරයි

Mohamed Dilsad

පොළොන්නරුවට ජල කප්පාදුවක්

Mohamed Dilsad

මෙරට මරණ දඩුවම පිලිබඳ කැනඩාවෙත් කණගාටුව

Mohamed Dilsad

Leave a Comment