විදෙස්

ජමාල් කශෝගිගේ මරණය ගැන සෞදි අරාබි රජයේ තීරණය

(UTV| කොළඹ) – සෞදි මාධ්‍යවේදී ජමාල් කශෝගි තුර්කියේ ඉස්තාන්බූල් නුවර සිය කොන්සල් කාර්යාලය තුළ දී මිය ගිය බව පිළිගැනීමට සෞදි අරාබි රජය සූදානම් බව වාර්තාවේ.

කශෝගිගෙන් දැඩි ලෙස ප්‍රශ්න කිරීමේදී එම ක්‍රියාමාර්ග වැරදී යාමෙන් ඔහු මිය ගිය බව පිළිගැනීමට සෞදි අරාබිය සූදානම් වන බව ඇමරිකානු මාධ්‍ය වාර්තා කරයි.

ඔහු පැහැර ගැනීම සෞදි කණ්ඩායමේ මුල් අරමුණ වූ බව ඔවුන් ප්‍රකාශ කරන්නේ යැයි ද වාර්තා වනවා.

කෙසේ නමුත්, තමාගේ දැඩි විවේචකයෙකු වූ කශෝගි ඝාතනයට ලක්වූ බවක් පිළිබදව තමා නොදන්නේ යැයි සෞදි අරාබියේ බිල් සල්මාන් කුමරු පැවසූ බව ජනපති ට්‍රම්ප් ඊයේ ප්‍රකාශ කළා.

තුර්කිය පවසන්නේ කශෝගි කොන්සල් කාර්යාලය තුළ ඝාතනය වූ බවට සාක්ෂි තමන් සතු වන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

සර්පයෙක් අල්ලන පාසල් දරුවෙක්(වීඩියෝ)

Mohamed Dilsad

ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන 6 කෝටි 68 ලක්ෂ 47,041ක්

Mohamed Dilsad

ප්‍රංශයේ බස් රථ අනතුරකින් ලාංකිකයෙකුට තුවාල

Mohamed Dilsad

Leave a Comment