ප්‍රමුඛ පුවත 1

තවත් facebook සාදයක සිටි පිරිසක් අත්අඩංගුවට

(UTV| කොළඹ) – රත්නපුර ,මල්වල , දුරේකන්ද ප්‍රදේශයේ නිවසක පැවති ෆේස්බුක් සාදයකට එක්ව සිටි 35 දෙනෙකු පොලිස් භාරයට ගනී.

පෙරේදා (13) රාත්‍රියේ ආරම්භ කෙරුණු මෙම සාදය ඊයේ (14) රාත්‍රිය දක්වා පවත්වා තිබේ.

මෙහි සිටි ඇතැමුන් අයිස් නැමති මත්ද්‍රව්‍යයද භාවිත කර ඇති බවට පොලිස් පරීක්ෂණවලදී හෙළිව ඇත.

මෙම සාදයෙන් අනතුරුව සිව්දෙනෙකු මෝටර් රථයකින් යමින් සිටියදී එය ත්‍රිරෝද රථයක ගැටී අනතුරක් සිදුව ඇත.

එම අනතුරෙන් පසුව මොවුන් ගම්වාසීන් සමඟ ආරවුලක්ද ඇති කරගෙන ඇති අතර, පසුව එම ස්ථානයට මෙම සාදයට එක්වූ තවත් කණ්ඩායමක් පැමිණ තිබේ.

එම අවස්ථාවේදී ප්‍රදේශවාසීන් කළ දැනුම්දීමකට අනුව පොලීසිය, මෙම ෆේස්බුක් සාදයට එක්වූ තරුණ තරුණියන් අත්අඩංගුවට ගෙන ඇත.

කෙසේ වෙතත් රිය අනතුරට සම්බන්ධ හතරදෙනා පොලිස් භාරයේ තබාගෙන අනෙක් පිරිස මුදාහැර ඇති බවයි රත්නපුර පොලීසිය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දියාව මෙරටට පනවා තිබු සංචාරක තහනම ඉවත් කෙරේ.

Mohamed Dilsad

මෙරටින් තවත් කොරෝනා ආසදිතයෙක් සොයා ගැනේ

Mohamed Dilsad

මෙරට තවත් ආසාදිතයින් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment